
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට ඉන්දියාවේ රැදී සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හසීනා, තමන්ව බලයෙන් පහකිරීමට සම්බන්ධ බවට අමෙරිකාවට චෝදනා එල්ලකර තිබේ.
“මිනිසුන් මියයනවා බලන්න වෙන්නේ නැති වෙන්න මම ඉල්ලා අස්වුණා. සිසුන්ගේ මළසිරුරු උඩින් ඔවුන්ට බලයට පැමිණීමට අවශ්‍ය වුණා. නමුත් මම එයට ඉඩ දුන්නේ නැහැ. මම අගමැතිකමෙන් ඉල්ලා අස්වුණා. මම ශාන්ත මාටින් දූපත ඇමරිකාවට පාලනය කිරීමට ඉඩ දුන්නා නම් මට බලයේ රැඳී සිවීමට හැකියාව තිබුණා. කරුණාකර රැඩිකල්වාදීන්ට හසුවන්නට එපා කියා මම මගේ රටේ ජනතාවගෙන් අයදිනවා,” යනුවෙන් හසීනා පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටි බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
ශාන්ත මාටින් දූපත යනු වර්ග කිලෝමීටර් 3ක් පමණක් වන කුඩා භූමි ප්රදේශයකි.
බංග්ලාදේශයේ දකුණු දෙසින් පිහිටි කොක්ස් බසාර්-ටෙක්නාෆ් අර්ධද්වීපයේ කෙළවරට කිලෝමීටර් 9ක් පමණ දකුණින් බෙංගාල බොක්කෙහි ඊසානදිග ප්‍රදේශයේ එය පිහිටා ඇත.
රැඩිකල්වාදීන්ගේ මෙහෙයවීම් සදහා එරෙහි වන ලෙස හසීනා සිය පණිවිඩයේ බංග්ලාදේශ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.
රටේ සිදුවන නායකයන් ඝාතනය කිරීම, කම්කරුවන්ට හිරිහැර කිරීම සහ විනාශකාරී ක්‍රියාවන් පිළිබඳව හසීනා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart