
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රියැදුරු පාසලේ ට්‍රක් රථයකින් ඩිසල් තොගයක් සොරාගත් බව කියන පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කැළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය කියයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ එම විද්‍යාලයටම අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් රියැදුරෙකි.
සැකකාර සැරයන්වරයා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රියැදුරු පාසලේ ගරාජයේ තිබූ ට්‍රක් රථයකින් ඩීසල් සොරාගෙන යන බවට ලද තොරතුරක් අනුව, සැකකරු ඩීසල් ලීටර් 10ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ස්කූටි වර්ගයේ යතුරු පැදිය ද සමග සැකකරු කළුතර දකුණ පොලිසියට ඉදිරිපත් කර තිබිණි.
41 හැවිරිදි සැකකාර පොලිස් සැරයන්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර විෂමාචාර ක්‍රියා හේතුවෙන් ඉකුත් 8 වැනි දින සිට ඔහුගේ වැඩ තහනම් කර ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart