
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවක ඇය අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේයැයි පැවසෙන විවාහකයකු සමග දීගකෑමට අවශ්‍ය බව තරයේම පවසා මධුසමය ගතකිරීමට ගොස් සිටියදී එම කාන්තාවගේ සැමියා ද විවාහක පුද්ගලයාගේ බිරිය ද එක්ව පවුල් කෑමට එකඟවී ඒ දෙදෙනා ද මධුසමය ගත කිරීමට යෑමේ සිද්ධියක් මීගමුව, කටාන පොලිසියෙන් වාර්තා වේ.
කටාන පොලිස් වසමේ පදිංචි දරුවන් ද සිටින තරුණ බිරිදක ඇය සේවය කරන ආයතනයේම, විවාහ වී දරුවන් ද සිටින පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.
දෙදෙනා වැඩට ගියේ ආවේ ද එකම බස් රථයේය.
මේ බව දැනගත් තරුණ බිරිඳගේ සැමියා ඇයට එම සම්බන්ධතාව නතරකර දමන ලෙස කොතරම් අවවාද කළත් පලක් වී නොමැත.
සිය තරුණ බිරිඳ අනියම් සැමියා ද සමග බස් රථයේ ගමන් කරමින් සිටිය අවස්ථාවකදී සැමියා එම බස් රථයට කඩාවැදී දෙදෙනාටම පහර දී ඇති අතර සැමියා තමාට පහරදී හිංසා පීඩා කරන බවට ඇය කටාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
තම සැමියා විවාහක තරුණ කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව එම සැමියාගේ බිරිඳ ද ඒ වන විටත් දැන සිට ඇත.
ඇය ද එම සම්බන්ධතාව නතර කර දමන ලෙස සැමියාට කොතරම් අවවාද කළත් ඔහු එම සම්බන්ධතාව නතර කිරීමට කිසිසේත් සූදානම් වී නොමැත.
බස් රථයේදී බිරිඳට පහර දුන්නේ යැයි කියන පැමිණිල්ල විභාග කිරීමට පාර්ශව දෙකේම සැමියන් සහ බිරින්දෑවරුන් පොලිසියට කැඳවා ඇත.
දරුවන් ගැනවත් සිතා යහපත් පවුල් ජීවිතයක් ගත කරන ලෙස එහිදී පොලිසිය දිගින් දිගටම ඉල්ලා සිටියත් අදාළ කාන්තාව ඊට කැමැති වූයේම නොමැති බව පොලිසිය කියයි.
ඇය සමග අනියම් සම්බන්ධතාව පවත්වාගෙන යන පුද්ගලයාටද මේ සම්බන්ධතාව නවතා දැමීමට කිසිසේත් නොහැකි බවත්, නිත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වීමට කටයුතු කරන බවත් පවසා ඇත.
එම සියලු උත්සාහය ව්‍යර්ථ වීමෙන් අනතුරුව ඇය අනියම් සැමියා සුරතේ එල්ලි දෙවැනි මධුසමය ගත කිරීම සඳහා පොලිස් ස්ථානයෙන් පියවර මැන තිබේ.
ඒ දෙස අනෙක් සැමියා සහ අනෙක් බිරිඳ බලා සිට ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයෙන් පිටතට පැමිණි ඒ දෙදෙනා ටික වේලාවක් කතාබස් කරමින් සිට නැවත නිල කාමරයට පැමිණ මෙසේ පවසා ඇත.
“සර් ඒ දෙන්නගේ කැමැත්තට දෙන්නා ගියා. අපි ඒ දෙන්නාට වෛර කරන්නේ නැහැ. අපි දෙන්නා අද ඉඳලා එකට ජීවත් වෙන්න තීරණය කළා”
පසුව ඔවුන් දෙදෙනාද එක්ව පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart