
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවන ලබන බ්‍රහස්පතින්දා දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ආරක්ෂක මෙහෙයුම් සඳහා ඩ්‍රෝන කැමරා, ස්නයිපර් සහ පොලිස් නිලධාරීන් 4,500කට වැඩි පිරිසක් යොදවනු ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවති රැස්වීමකදී සවිස්තරාත්මක ආරක්ෂක සැලසුම් සාකච්ඡා කර තිබේ.
මෙම රැස්වීමට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන පිරිස සහභාගි වූහ.
අපේක්ෂකයන්, ඔවුන් සමඟ එන අය සහ පක්ෂ ආධාරකරුවන් කෙරෙහි ආරක්ෂක සැලසුම මගින් අවධානය යොමු කරන බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිෂන් සභා ගොඩනැගිල්ලේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව භාරව කටයුතු කරනුයේ විශේෂ කාර්ය බළකායයි.
පෙරවරු 9 සිට 11 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර 11.30 දක්වා විනාඩි 30ක විරෝධතා කාලයක් ක්‍රියාත්මක වේ.
මේ වන විට අපේක්ෂකයන් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර බදාදා දක්වා ඇප මුදල් භාර ගැනීමට නියමිත බැවින් අපේක්ෂක සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මැතිවරණ කොමිසම පවසන්නේ අපේක්ෂකයා සමඟ නාමයෝජනා ශාලාවට ඇතුළු විය හැක්කේ නීතිඥවරයකු ඇතුළු දෙදෙනෙකුට පමණක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart