
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීමත්ව රිය පදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යොදාගන්නා ඇල්කොලයිසර් නළ හෙවත් ශ්වසන පරීක්ෂණ නළ දිවයිනේ පොලිසිවලට මාස ගණනාවක් සිට නොමැති වීමෙන් රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්වසන පරීක්ෂණ නළ තොග අවසන් වීමට පෙර ගෙන්වීමට අදාළ වගකිව යුතු බලධාරීන් නිසි පරිදි කටයුතු නොකිරීම මෙම ගැටලුවට මූලික හේතුව වී ඇතැයි එම නිලධාරිහු පෙන්වා දෙති.
මේ හේතුවෙන් රාජකාරි කිරිමේදී සිදුවන අපහසුතාවට අමතරව එවැනි වැරදි කරන රියදුරන්ට නීතිය ඉදිරියට නිසි අයුරින් ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි එම නිලධාරීහු කියති.
බීමත්ව රිය පදවා අනතුරක් සිදුකරන පුද්ගලයාගේ බීමත්කම පරීක්ෂා කිරීමට හැකියාවක් නොමැති වීම නිවැරදිව මාර්ගය භාවිත කරන පුද්ගලයන්ට, අනතුරට ලක්ව මිය යන හෝ තුවාල ලබන පුද්ගලයන්ට සිදුවන සිදුවන දැඩි අසාධාරණයක් බවත් පොලිස් නිලධාරිහු පවසති.
ඇල්කොලයිසර් නළය මගින් බීමත් රියදුරන් පරීක්ෂා කිරීම විද්‍යාත්මකව තහවුරු කළ නිවැරදි ක්‍රමය බවට අධිකරණ නියෝග ලබාදී තිබියදී බීමත් රියැදුරන් වෛද්‍ය වාර්තා මත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී වැරදි කරන රියදුරන්ට නීතියෙන් ගැලවී යෑමේ ඉඩකඩ වැඩි බව පොලිස් නිලධාරීහු වැඩිදුරටත් පෙන්වාදෙති.
මේ පිළිබඳ නීතිය දිසාව භාර හා වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකරගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඔහු මෙසේ පවසා ඇත.
“වාහන රියදුරන්ගේ බීමත්කම පරීක්ෂා කරන ඇල්කොලයිසර් නළ හෙවත් ශ්වසන පරීක්ෂා කිරිමේ නළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීමෙන් පසු දින කිහිපයක් තුළ ලැබීමට නියමිතයි. ඒවා ලැබීමෙන් පසු ගුණාත්මකභාවය පරීක්ෂා කර දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට බෙදා දීමට කටයුතු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart