
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් ලක්ෂයක මුදලක් නූඩ්ල්ස් පැකට්වල දමා බන්ධනාගාරගතව සිටින චීන ජාතික රැඳවියන් බැලීමට පැමිණි චීන ජාතිකයන් තිදෙනකු ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව වාරියපොළ බන්ධනාගාරය කියයි.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වාරියපොල බන්ධනාගාරයේ රඳවා සිටින මෙම චීන ජාතික සැකකරුවන් බැලීමට පැමිණි මෙම පිරිසේ චීන ජාතික පිරිමි දෙදෙනෙකු, කාන්තාවක සමග මෙරට පුරවැසියකු ද සිටින බව බන්ධනාගාරය කියයි.
වාරියපොල බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වන ස්ථානයේ දී ඉකුත් 5 වැනිදා සවස තුනට පමණ මොවුන් විසින් චීන ජාතික සැකකරුවන්ට දීමට රැගෙන පැමිණි නුල්ස් පැකට්වල ඉතාමත් සුක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂයක මුදලක් සහ මත්ද්‍රව්‍ය යැයි සැකකරන කෙඳි වර්ග, ලයිටර් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය කියයි.
එදින රාජකාරියේ නිරත බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම චීන ජාතිකයන් රැගෙන ආ ද්‍රව්‍යය පරික්ෂා කර ඇත.
වැඩිදුර විමර්ශන වාරියපොල පොලිසිය සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart