
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස තීරු බදු නොගෙවා ඇතැම් ජාවාරම්කාර ගුවන් මගීන් රැගෙන එන විවිධ භාණ්ඩ හොර රහසේ පිටකිරීමේ ජාවාරමකට සම්බන්ධ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ ඒකකයේ රාජකාරී කළ උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ආගිය අතක් සොයාගැනීමට නොමැති බව පොලිස් මූලස්ථානය ඊයේ (8) සදහන් කරයි.
මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනාගේ ඡායාරූප දෙකක් සහිතව ඔවුන් ගැන විස්තරයක් උසස් පොලිස් නිලධාරීන් ඇතුළු දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දන්වා යවා තිබෙන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ඊයේ (8) පැවැසීය.
අත්අඩංගුවට ගැනීමට සොයන එක් උපපොලිස් පරීක්ෂකවරයකු පයාගල, නාගහදූව ප්‍රදේශයේ ද අනෙක් උපපොලිස් පරීක්ෂකවරයා සීදුව මූකලංගමුව ප්‍රදේශයේ ද පදිංචිකරුවන් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
මෙම උප පොලිස් පරික්ෂකවරුන් දෙදෙනා දුටුවොත් වහා අත්අඩංගුවට ගන්නා ලෙස හෝ ඔවුන් සැගවී සිටින ස්ථානයක් ගැන තොරතුරු දන්නේ නම් රහස් පොලිසියට දැනුම් දෙන ලෙස ද එම විශේෂ පොලිස් පණිවිඩය මගින් ඉල්ලීමක් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart