
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණයට පෙර සංවර්ධන ව්‍යාපෘති අවසන් කර කඩිනමින් විවෘත කිරීමට ආණ්ඩුව කඩිමුඩියේ කටයුතු කරමින් සිටින බැවින් ඉදිකිරීම්වල ප්රමිතීන් පිළිබඳ කනස්සල්ලක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේය.
කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකී පිටිය ඉදිකිරීම සම්බන්ධයෙන් අදහස් විපක්ෂ නායකවරයා අදහස් දක්වමින් පෙන්වාදුන්නේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා එහි ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ව්‍යාපෘතියේ සංවර්ධකයන්ට බලපෑම් කර ඇති බවයි.
“මේ ව්‍යාපෘතියට අපේ විරුද්ධත්වයක් නැහැ, ඒක ඉතාම හොඳ එකක්. නමුත් එවැනි පිටියකට දමා ඇති කොන්ක්‍රීට් අවම වශයෙන් දින 20ක්වත් වේලෙන්නට ඉඩදිය යුතුයි.” යැයි සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව අමතමින් පැවැසීය.
සජිත් ප්‍රේමදාස චෝදනා කළේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා විදේශීය සංවර්ධක සමාගමට උපදෙස් දී ඇති බවයි. 2024 ජූලි 31 වන දින තාර කොන්ක්‍රීට් දමා ඇත.
2024 ජූලි 31 වන දින එම පිටියට කොන්ක්‍රීට් දමා ඇත.
ඒ අනුව මෙම කෘත්‍රිම තණතිල්ල සඳහා යොදා ඇති ෂොක් පෑඩ් යට තට්ටුව අගෝස්තු 19 හෝ 20 වැනි දිනට ආසන්න දිනයක තැබීමට නියමිතව තිබූ බවද ඔහු අනාවරණය කළේය.
“නමුත් අධ්යක්ෂ ජනරාල්වරයාගේ බලපෑම නිසා ඔවුන් දැන් ෂොක් පෑඩ් යටින් තැබීම ආරම්භ කර තිබෙනවා. හේතුව කුමක්ද? කොහොම හරි අගෝස්තු 15 වැනිදා වෙනකොට මේ හොකී පිටිය විවෘත කරන්න” විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේය.
ඉදිකිරීම්වල ගුණාත්මකභාවය අවදානමට ලක්කරමින් සහ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සඳහා මුදල් නාස්ති කරමින් එවැනි ක්‍රියාමාර්ගයකට නොයන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart