
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගමැති දිනේෂ් ගුණවර්ධනට ආශිර්වාද පතා කතරගම කිරිවෙහෙරේ මේ සතියේ සංවිධානය කර තිබූ විශේෂ ආගමික වතාවත් සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එක ආයතනය මෙම ආගමික වතාවත් පිළිබඳව අනාවරණය කර ඇත්තේ මේ ආකාරයෙනි.
‘වත්මන් අග්‍රාමාත්‍යවරයාට ආශීර්වාද පළකරමින් කතරගම කිරිවෙහෙරේදී 2024 අගෝස්තු 10 වන දින විශේෂ ආශීර්වාද පූජාවක් සැලසුම් කොට ඇති බවත් ඒ සඳහා සහභාගී වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවත් අප වෙත වාර්තාවේ.
මැතිවරණ කාලසීමාව තුළ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් බවට පත්වන හෙයින් ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ද වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශීර්වාද පතා පවත්වනු ලබන ආශීර්වාද පූජාවකට සහභාගීවීම නීත්‍යනුකූලව මෙන්ම සදාචාරාත්මක නුසුදුසු බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මැතිවරණ ක්‍රියාවලිය තුළ සුවිශේෂී කාර්යභාරයක් පැවරි ඇති දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් මෙවැනි අවස්ථාවට සහභාගී වීම හේතුවෙන් සමාජය තුළ ඔවුන් පිළිබඳව සැක සංකා ජනිත වුවහොත් මැතිවරණයේ සුජාතභාවයට සිදුවනුයේ බරපතල හානියකි. තවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් යටතේ රාජකාරී කටයුතු සිදු කරන අනෙකුත් නිලධාරීන් තුළ තම ආයතන ප්‍රධානියා පිළිබඳව අවිශ්වාසයක් මතු වුවහොත් එම තත්ත්වයද මැතිවරණ ක්‍රියාවලියට හානිදායක විය හැකි බව වෙසෙසින් සඳහන් කල යුතුය.
අපක්ෂපාතී වීම ප්‍රමාණවත් නොවන අතර එය දැනෙන හැඟෙන අයුරින් කටයුතු කල යුතු බව මැතිවරණ කාලසීමාවක අවධාරණය කල යුතු සුවිශේෂී කරුණකි. එනයින් බලන කල උක්ත ආශීර්වාද පූජාව සඳහා මැතිවරණ ක්‍රියාවලියේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කැඳවීම නොකල යුතු බව අපගේ විශ්වාසය වන අතර ඒ පිළිබඳව සොයා බලා සුදුසු පියවර ගන්නා මෙන් කාරුණික ඉල්ලා සිටිමි.’

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart