
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත්වුවහොත් බංගලාදේශයේ ඇති වූ ත්ත්තවයට වඩා අන්ත තත්ත්වයකට මේ රට ඉදිරියේදී තල්ලු වී යා හැකි බවත්, දෙවැනි අරගලයක් සිදුවීම වැලැක්විය නොහැකි බවත් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පැවැසීය.
හෙතෙම මේ බව සඳහාන් කළේ ඊයේ (07) කොළඹ ලයිට් හවුස් ගැලි හිදි පැවැති ‘‘ක්රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව 2024‘‘- මාධ්‍ය හමුව අමතමිනි.
ක්රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව- 2024 හි මූලික සංකල්පය වන්නේ ක්‍රම වෙනසක් සඳහා අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන කතිකාවක් සදහා පහසුකම් සැපයීමයි.
තීරණාත්මක නීති අංශ ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ඉලක්ක කිරීම, මහජනයා අතර යුක්තිය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව ප්‍රවර්ධනය කිරීම, නීති අංශයේ සාධාරණ සහ ප්‍රතිස්ථාපන භාවිතයන් සම්බන්ධ විශේෂිත ප්‍රතිසංස්කරණ ඉස්මතු කිරීම, යුක්තිය , සාධාරණත්වය සහ පාලනය පිළිබඳ නීතිමය ප්‍රතිසංස්කරණ හදුනාගෙන ඒවා වෙනුවෙන් පෙනී සිටීම මෙහි අරමුණු වේ.
ප්රජාතන්ත්රවාදය සහ මහජන නියෝජනය ශක්තිමත් කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම , අල්ලස් හා දූෂණ පිළිබඳ නීති ශක්තිමත් කිරීම, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය සම්බන්ධ නීති ශක්තිමත් කිරීම, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය සම්බන්ධ නීති ශකිත්මත් කිරීම අදී කරුණු ඇතුළත් යොජනා මාලාවක් සකස් කර එය ක්‍රියාත්මක කිරීම අනාගතයේ බලයට පත් වන ඕනෑම රජයක වගකීම ලෙස සලකා සියලු දේශපාලන පක්ෂ වලට පිළිගන්වන බව මෙහිදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය වැඩි දුරටත් සඳහන් කළේය.
මේ මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දුනේෂ් ගුණතිලක හා එකී සරසවියේම දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යය ගාමිණී රත්රන ශ්‍රී ද අදහස් දැක්වූහ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart