
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සහාය ඇතිව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා-ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය එක්ව ‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ අද විවෘත කරන ලදී.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උද්‍යානයේ දී ‘ශ්‍රී ලංකා – ඉන්දීය මිත්‍රත්ව පෙදෙස’ විවෘත කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සමඟ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්වයේ ආරුක්කුව’ නිරාවරණය කිරීමත් සමඟ උත්සවය ආරම්භ විය.
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීහු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එම්.ඒ.සුමන්තිරන්, ආචාර්ය වී.රාධක්‍රිෂ්ණන්, ජගත් කුමාර සුමිත්‍රආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජාතික සඳුන් උයනේ ආරුක්කු හැඩැති ප්‍රදේශයක මුරුත පැළ සිටුවීමට එක්වූහ.
පරිසරය සඳහා වූ අඛණ්ඩ කැපවීමක් අවධාරනය කරමින්, 2024 ලෝක පරිසර දිනයේදී ඉන්දීය ශ්‍රී නරේන්ද්‍ර මෝදි විසින් දියත් කරන ලද #Plant4Mother ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart