August 8, 2024

සමගි ජන බලවේගය ප්‍රමුඛ පුළුල් දේශපාලන සන්ධානයක් වන සමගි ජන සන්ධානය අද විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

සමගි ජන බලවේගය, දයාසිරි ජයසේකරගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඇල්. පීරිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, පාර්ලිමේන්තු මන්ත්‍රී රූෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය , නිදහස ජනතා සභාව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංගගේ පුරවැසි හඬ සමඟි ජන සන්ධානය පිහිටුවීම සඳහා මෙහිදී ගිවිසුමකට අත්සන් තැබීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සජබ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම සඳහා මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවා තිබේ.

සජබට අනුව, නව දේශපාලන සන්ධානය රටේ විශාලතම දේශපාලන සන්ධානය වන අතර, එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සාක්ෂාත් කරගැනීම අරමුණු කර ගෙන ඇත.