
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය පැනවීමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් සිව්දෙනකු ගොනුකළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළහ.
විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කෙරිණි.
2013 වසරේ දොම්පේ ප්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ශ්‍යාම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් සිව්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඩුවම නියම කළහ.
මරණ දණ්ඩනය නියම වූ විත්තිකරුවන් වන්නේ, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස් ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුගේ, පොලිස් කොස්තාපල් ගාමිණී සරත්චන්ද්‍ර, කොස්තාපල් ප්‍රියංක සංජීව සහ කොස්තාපල් කැළුම් රංග යන අයයි.
ඔවුන්ගේ අභියාචනය හරහා විත්තිකරුවන් හයදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන් වරදකරුවන් කරමින් මහාධිකරණය විසින් නියම කරන ලද මරණීය දණ්ඩනය සමාලෝචනය කර ඉවත්කරන ලෙසය.
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ නවීන් මාරපන, නීතිඥ නන්දපාල වික්‍රමසූරිය, කෞෂල්‍ය මොල්ලිගොඩ, උචිත වික්‍රමසිංහ, වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන වෙනුවෙන් පෙනීසිටියහ.
අනෙකුත් විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ රන්ජන් මෙන්ඩිස්, ජනාධිපති නීතිඥ අසිත විපුලනායක සමඟ නීතිඥ අනිල් සිල්වා පෙනීසිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන පෙනීසිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart