
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත්, එබැවින් ඔහු වහාම අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව සඳහන් කළේ 2024 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.
ලාල්කාන්ත කිව්වේ තමන්ගේ පක්ෂය ජනතාවට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ප්‍රකාශ කළා කියලා. ඒත් ඒක කරන්න බැරි වුණේ අරගලයේ හිටපු සමහර එතනින් අයින් වුණු නිසා. එදා ජනතා විමුක්ති පෙරමුණේ පිරිස්වලට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට හැකි වූණා නම් අද බංගලිදේශයේ ඇති වූ තත්ත්වයම ශ්‍රී ලංකාවට ද උදා වීමට ඉඩ තිබුණා. බංගලිදේශය තවමත් ගිනිගන්නවා. ලාල්කාන්ත යෝජනා කළ විදිහට අද බංගලිදේශයේ නඩු විභාග වන්නේ උසාවිවල නෙවෙයි මහපාරේ.
පාරවල්වල නඩු අහලා මිනිස්සු මරනවා. අද බංගලිදේශය අරාජික රටක් බවට පත්වෙලා. රටේ මිනී කඳු ගොඩගැහිලා. එදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට එය සිදුවුණා නම් අද ශ්‍රී ලංකාවෙත් ඒ තත්ත්වය ඇති වීමට ඉඩ තිබුණා.අනුර එක්ක ඩීල් නැත්තම් දැන්වත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අපරාධයක් කිරීමට තැත් කිරීමත් අපරාධයක්. ලාල් අනෙක් අය මෙන් නෙවෙයි අවංක මනුස්සයෙක්. ඇත්ත කියනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දැන්වත් ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි.” යැයි උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart