
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරුණ පරපුරේ සදාචාරය ගොඩනැගීම සඳහා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ සිදුකරන අතරේ ජාතික ජන බලවේගය තරුණ පරපුර නොමග යවමින් අනතුරේ හෙළමින් සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුව පවසයි.
ජනමාධ්‍ය අමතමින් ඥාණසාර භික්ෂුව පවසන්නේ, ජාතික ජන බලවේගයේ ඇතැම් සාමාජිකයන් වෛරී ප්‍රකාශ සිදුකිරීමටත් සිංහල බෞද්ධ ජනතාවට අපහාස කරමින් තරුණ පරපුර අනතුරේ හෙළීමටත් පටන් ගෙන ඇති බවයි.
“මේ දේශපාලනඥයෝම අලුත් දේශපාලන සංකේතවලට මාරු වෙනවා. ඒවයේ අලුත් දෙයක් නැහැ. සියලුම දේශපාලනඥයන් තමන්ගේ පෙර ලකුණ යටතේ පරාජය වුණොත් අලුත් දේශපාලන සංකේතයක් හඳුන්වාදෙනවා,” යැයි භික්ෂුව පවසයි.
“මේ දවස්වල ජාතික ජන බලවේගය තරුණ පරම්පරාවේ වැඩි අවධානයක් දිනා ගන්නවා. බොදුබල සේනා සංවිධානය හැටියට අපි ඔවුන් කරන ප්‍රකාශ සහ ඒවා භාවිතා කරන ආකාරය ගැන අවදියෙන් ඉන්නවා. පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් මහා සංඝරත්නයට අපහාස කළා,” භික්ෂුව පෙන්වාදෙයි.
වෛරී ප්‍රකාශවලට තිත තබා විවෘත විවාදයකට පැමිණෙන ලෙස ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටියේය.
තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ අපේක්ෂා ඉටු නොකළහොත් ජනතාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමට ගත් තීරණයම ගන්නා බව ද ජාතික ජන බලවේගය මතක තබාගත යුතු බව ද භික්ෂුව වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart