
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම්කිරීමේ බැසිල් රාජපක්ෂගේ අරමුණ වන්නේ කුමන හෝ තත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත්කිරීම බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ලැබීමට නියමිත පොදුජන පෙරමුණේ ඡන්ද, නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම හරහා තවදුරටත් බෙදීමට ලක්කිරීම බැසිල්ගේ අරමුණ වී ඇතැයි දැනගන්නට ඇත.
එහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට වැඩි වාසි අත්වන ලෙස මෙම සැලසුම දියත්වන බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කර දැමීම හේතුවෙන් කෝපයෙන් පසුවන බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පරාජයට පත්වුවද, ඔහු හරහා රනිල් වික්‍රමසිංහට හිමිවේයැයි අපේක්ෂිත ඡන්ද හැකිතරම් කඩාදැමීමට මෙමගින් සැලසුම් කර ඇතැයි පැවැසේ.
අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම්කිරීමට එම පක්ෂය සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මෙහි දැක්වෙන්නේ නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම වෙනුවෙන් ලබාගන්නා ලද ඡායාරුප පෙළකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අද පෙරවරුවේ නම් කරන බව එමපක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඊයේ රාත්‍රියේ තහවුරු කර තිබිණි.
මේ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණ තරගයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම්දී තිබේ.




Adding {{itemName}} to cart
Added {{itemName}} to cart