August 6, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස් වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පුරප්පාඩු වූ කාරක සභා ධුරයට පත් කළ බව ද ඔහු .ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා විය.

දොලවත්ත කමිටු සාමාජිකයකු ලෙස පත්කිරීමට 2024 අගෝස්තු 2 වැනි දින රැස්වූ කමිටුවේ දී තීරණය කළ බව ද කථානායකවරයා නිවේදනය කළේය.