
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වරෙන්තු දහඅටක් දහඅටක් ඇති ලියාපදිංචි අපරාධකරුවෝ සිවුදෙනෙක් කාන්තාවක සොයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් ගම්පොළ කුරුදුවත්ත ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී කුරුඳුවත්ත පොලිසිය විසින් පෙරේදා (31) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, ඉහළ තල්දූව, දෙහිඕවිට ප්‍රදේශවල පදිංචි වයස 27, 25, 23 වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණි මෙම පිරිසෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමේදී ලැබී ඇති පරස්පර ප්‍රකාශ සමඟ සොයාබැලීමේදී මොවුන් නම ගිය අපරාධකරුවන් බව හෙළි වී ඇත.
මෙම පිරිසේ විසිහත් හැවිරිදි පුද්ගලයාට වරෙන්තු 13 ක් ඇති අතර අනෙක් දෙදෙනාට විවෘත වරෙන්තු පහක් ඇත.
ඒ කුඩු, ගංජා, කසිප්පු ජාවාරමේ යෙදීම හා අනෙකුත් අපරාධ සඳහා බව පොලිසිය පවසයි.
මේ සියලු වරෙන්තු අවිස්සාවේල්ල අධිකරණය මගින් නිකුත් කළ ඒවා වන අතර මොවුන්ට තවත් වරෙන්තු හා අපරාධ ඇත්ද යන්න පරික්ෂණ පවත්වයි.
මෙයින් එක් අයකු ආයුධ පෙන්වා කාන්තාවක බියවද්දා රුපියල් තුන් ලක්ෂ පනස් හයදහසක් මංකොල්ලකා ඇති අතර ඒ සම්බන්ධයෙන් හා වරෙන්තු සම්බන්ධයෙන් දෙහිඕවිට හා අවිස්සාවේල්ල පොලිසි මගින් මොහු සොයමින් සිට ඇති බවද හෙළි වී ඇත.
වැඩිදුර සොයා බැලීමේදී වරෙන්තු 13 ක් ඇති 27 හැවිරිදි පුද්ගලයා අනියම් ඇසුර පැවැත්වූ බිරිය සොයා මෙසේ ගම්පොළ, කුරුඳුවත්ත ප්‍රදේශයට පැමිණ ඇති බවද අනාවරණය වී ඇත.
ඔවුන් පැමිණි මෝටර් රථය ද මොවුන්ගේ නොවන බව හෙළි වී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart