
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ධුරයෙන් නීතිඥ සාගර කාරියවසම් ඉවත් කර, ඒ වෙනුවට සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පත්කිරීමට කංචන විජේසේකර ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් යෝජනාවක් සම්මත විය.
ඊයේ 01දා සවස මාතර පාලටුව එල්. එච්.කේ උත්සව ශාලාවේදී රැස් වූ ශ්‍රී ලංකා පොදු පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලේ දී මෙම යෝජනා සම්මත කෙරිණි.
මීට අතරව පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා කොළඹදී රැස්වී ගන්නා ලද තීරණය ආපසු හරවා ගන්නා ලෙසටත්, ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය ලබාදිය යුතු බවටත් වන යෝජනාද මෙහිදී ඒකමතිකව සම්මත විය.
විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දකුණු පළාත් සභාව නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරු, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා දහසයෙන් දොළහක හිටපු සභාපතිවරු, සියලු ප්‍රාදේශීය සභාවල හිටපු උප සභාපතිවරු, ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දක්වමින් ඇමැති කංවන විජේසේකර කියාසිටියේ සුළු පිරිසක් විසින් එක්ව පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දුව සමස්ත පක්ෂයේ හෝ පාක්ෂිකයාගේ තීන්දුව නොව සාගර කාරියවසම් ඇතුළු සුළු කණ්ඩායමක තීරණයක් බවයි.
සාගර කාර්යවසම් ගෙන ආ යෝජනාව උදයංගේ විරතුංගගේ යෝජනාවක්ය යන සැකය පවතින බවත්, පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුල් අවස්ථාවේ එම තීන්දුවට පක්ෂපාතී නොවූ බවත් මෙම රැස්වීමේදී ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart