
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාවනැල්ල නඟරයේ පෙරපාසලක කුඩා දැරියකගේ හිසට පොල් ගෙඩියක් වැටී තුවාල සිදුවීමෙන් එම දැරිය මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොල්ගෙඩිය වැටීමෙන් තුවාල ලැබූ දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු බරපතළ තත්වයේ පසුවූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කළ පසු මරණයට පත්ව ඇතයි මාවනැල්ල පොලිසිය සඳහන් කරයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ රනුලි හසත්මා එදිරිමාන්න නමැති දැරියයි.
දැරියගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් බවත් පියා රජයේ රෝහලක ගිලන්රථ රියදුරකු වශයෙන් කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.
පෙරපාසැලේ ගේට්ටුව වැසීමට පැමිණි පාලිකාව පිටුපසින් දුවගෙන ආ දරුවන් තිදෙනකු සමග නැවත පෙරපාසලට යමින් සිටියදි මෙම දැරියගේ හිසට පොල් ගෙඩියක් වැටිමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මහනුවර ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart