
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා 7 කින් යුත් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇය එම චෝදනා 7ටම නිවරැදිකරු බව ප්‍රකාශ කළ අතර සැකකාරියව පෙර ඇප මත මුදාහැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
මෙලෙස නඩු පවරා ඇත්තේ, අංක 531/27, කන්ට්‍රිබෙල්ට් බංගලාව, අමරාගොඩ පාර, හෝකන්දර උතුර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නටාශා කැකනදුර නමැත්තියටය.
නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව මෙම සැකකාරියට එරෙහිව චෝදනා 07ක් යටතේ නඩු 07ක් අධිකරණය හමුවේ ගොනුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය සැකකාරිය හට චෝදනා කියවා දුන් අතර එහිදි සැකකාරියගෙන් වැරදිකරු ද නිවරැදිකරු ද යැයි කියා විමසා සිටියේය.
එහිදි සැකකාරිය නිවරැදිකරු බවට ප්‍රකාශ කළ බැවින් මහේස්ත්‍රාත්වරයා එකී චෝදනා 07 සම්බන්ධයෙන් පෙර ඇප මත සැකකාරිය මුදාහැරිමට නියෝග කළේය.
වර්ෂ 2016ක් වූ ජූලි මස 14 වැනි දින හා වර්ෂ 2017ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නැතිව රැඳීසිටීම සැකකාරියට එරෙහි පළමු චෝදනාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
වර්ෂ 2017ක් වූ ජූලි මස 07 වැනි දින සහ වර්ෂ 2018ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද, වර්ෂ 2018ක් වූ ජූලි මස 17 වැනි දින සහ වර්ෂ 2019ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද, වර්ෂ 2019ක් වූ ජූලි මස 17 වැනි දින හා වර්ෂ 2020ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද, වර්ෂ 2020 ජූලි මස 17 වැනි දින සිට සහ වර්ෂ 2020ක් වූ නොවැම්බර් මස පළමුවැනි දින අතර කාලය තුළදී වලංගු වීසා බලපත්‍රයක් නැතිව මෙරට රැඳීසිටීම යන චෝදනා යටතේ නඩු 06ක් ලෙස චෝදනා නඟා ඇත.
සැකකාරියට එරෙහිව නඟා ඇති හත්වැනි චෝදනාව වන්නේ වර්ෂ 2014ක් වූ ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අංක එන් 5091386 දරන විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේ දී ආගමන විගමන පාලකවරයා හට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කර ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර ඇති බවටය.
බ්‍රිතාන්‍ය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයකු බවට සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් ගොනුකල තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් මැයි මස 8 වන දින ඇය මන්ත්‍රීධූරයක් දැරීමට නුසුදුසු අයෙකු බවට නිගමනය කොට තිබිණි.
එම නියෝගයෙන් අනතුරුව ඩයනා ගමගේ නීතිඥවරයකු මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් මිලියන 10ක ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart