
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම්, ශ්‍රී ලංකාව සමඟ අත්සන් කර ඇති විස්තීරණ අරමුදල් පහසුකම ගිවිසුමට තම පක්ෂය විසින් සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන පිළිබඳව ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරීන් දැනුවත් කර ඇත.
“අපි IMF ශ්‍රී ලංකා වැඩසටහන් ප්‍රධානී පීටර් බෲවර් සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර අනාගත සජබ පාලනයක් යටතේ ගිවිසුමට ගෙනඒමට අදහස් කරන සංශෝධන පිළිබඳව ඔහුට පැහැදිලි කළා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ද සිල්වා ඩේලි මිරර් වෙත පවසා ඇත.
“අපි අපේ යෝජනා ලිඛිතව ඉදිරිපත් කළා, ජනතාවට මේවා ගැන ඉක්මණින් දැනගන්න පුළුවන් වේවි” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
“අපි ගිවිසුමට විරුද්ධ නැහැ. නමුත් අප කිරීමට අදහස් කරන්නේ ශ්‍රී ලාංකික ජනතාවට ඉක්මන් සහන ලබා දීම සහතික කිරීමයි. ගිවිසුම්වලට යම් යම් සංශෝධන සිදුකිරීම අත්‍යවශ්‍ය බව සජබ දැනටමත් පැහැදිලි කර ඇති අතර එය අපගේ ආණ්ඩුවක් යටතේ සිදුකරනවා” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ණයහිමි රටවල් සහ අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ඇතිකරගත් ගිවිසුම් සංශෝධනය කළ නොහැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන පසුබිමක මෙම හමුව සිදුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart