
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැදපෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.
ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයාබැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන අයගේ සාමාජිකත්වයෙන් යුතුව පත්කර තිබේ.
එසේම ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන පිරිස කටයුතු කරති.
මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත්කර ඇති ඉහළ මට්ටමේ කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අයගෙන් සමන්විතය.
අදාළ සිදුවීමත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම අනෙකුත් කමිටු දෙකට පැවරේ.
ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා ඇත.
එම කමිටු දෙක විසින් අදාළ වාර්තා ඉහළ පෙළේ කමිටුවට ලබාදිය යුතු අතර ඒ අනුව ගතයුතු කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart