
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් වාණිජ මහාධිකරණය නව වෙබ් අඩවියක් දියත් කර තිබේ.
ඒ සඳහා www.colchc.gov.lk/home දිගුව ඔස්සේ පිවිසිය හැකිය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ UNICEF විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද සහ අධිකරණ අමාත්‍යාංශය විසින් පහසුකම් සපයනු ලබන, යුරෝපා සංගමයේ අරමුදල් සහිත ‘යුක්ති ප්‍රතිසංස්කරණ සඳහා සහාය’ ව්‍යාපෘතිය මගින් වෙබ් අඩවිය සංවර්ධනය කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති පාරින්ද රණසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, සහයෝගිතා ප්‍රධානී, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ජොහාන් හෙසේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Azusa Kubota සහ ශ්‍රී ලංකාවේ UNICEF හි නියෝජ්‍ය නේවාසික නියෝජිත Begona Arellano යන පිරිසගේ සහභාගීත්වයෙන් එය කොළඹදී එළිදැක්විණි.
අලුතින් දියත් කරන ලද වෙබ් අඩවිය කොළඹ වාණිජ මහාධිකරණයේ මෙහෙයුම්වල විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඩිජිටල් වේදිකාවකි.
වෙබ් අඩවියේ නවතම විනිශ්චයන්, නියෝග, දෛනික අධිකරණ ලැයිස්තු සහ මහජනතාවට වැදගත් දැනුම්දීම්අ ඇතුළත් කෙරේ.
මෙම වෙබ් අඩවිය වාණිජ මහාධිකරණ ක්‍රියාවලීන්ට අදාළ පනත් සහ රෙගුලාසි සඳහා සංශෝධන ද සපයයි.
අධිකරණ කටයුතු නවීකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙහිදී ප්‍රකාශ කළේ, වාණිජ මහාධිකරණ වෙබ් අඩවිය එළිදැක්වීම අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමට දරන උත්සාහයට දැවැන්ත පියවරක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart