
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
TikTokහි මව් සමාගම වන ByteDanceහි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සැළකිව යුතු පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.
සේවකයන් 60 දෙනෙකුට පමණ ආමාශගත රෝග ලක්ෂණ හටගෙන ඇති අතර ඉන් පනස් හතක් රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශනය කරයි.
ByteDance ද පවසා ඇත්තේ තම සේවකයන් අසනීප වීමට හේතුව කුමක්ද යන්න සොයා බලන බවයි.
ByteDance කාර්යාලවල කිසිදු ආහාරයක් පිළියෙළ කර හෝ පිසිනු නොලබන බවත් ආහාර සැපයීම සඳහා තුන්වැනි පාර්ශ්ව ආහාර සපයන්නන් යොදා ගන්නා බවත් දැනගන්නට තිබේ.
සිද්ධිය වාර්තාවීමත් සමග කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල වෙත ගිලන්රථ 17ක් යවා රෝගාතුර වූවන්ට ප්‍රතිකාර කිරීමට පියවර ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සිංගප්පූරු ආහාර ඒජන්සිය නගර-ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආහාර සපයන්නන් හොඳ ආහාර සුරක්ෂිතතා පිළිවෙත් පිළිපැදීමෙන් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළ යුතු බවයි.
එසේ නොවන ආහාර සපයන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart