
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය වෙළෙඳපොළේ මිල ස්ථාවර කිරීමටත් රාමසාන් සහ නත්තල් උත්සව සඳහා අවශ්‍ය බිත්තර සැපයීම සඳහාත් බිත්තර ආනයනය කිරීමේ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2024 මාර්තු මාසයේ පැවති කැබිනට් රැස්වීමකදී ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව දැනුම් දී තිබුණේ මේ වන විට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇති බවය.
එම ආනයනික බිත්තරවලින් 95%ක්ම බිත්තරයක් රුපියල් 37ක දැරිය හැකි මිලකට පාරිභෝගිකයන් අතර බෙදා හැර ඇති බවත් බිත්තර ආනයනය සඳහා ලබාදී තිබූ කාලය 2024 අප්‍රේල් මස අවසන් වූ බවත් එහිදී අනාවරණ වී තිබිණි.
එම නිසා වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථාවර කිරීමට අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
රාමසාන් සහ නත්තල් උත්සව සඳහා අවශ්‍ය බිත්තර සැපයීම සහ කේක් සහ බේකරි නිෂ්පාදනවල මිල ස්ථාවර කිරීම සඳහා ද බිත්තර ආනයනය කිරීමේ යෝජනාව ඉදිරිපත් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart