
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11ක් පමණක් බව වාර්තා වේ.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අතර අද පැවති ඡන්දය සඳහා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 79 දෙනෙකු සහභාගී වී තිබේ.
දේශපාලන මණ්ඩලයේ සිටින සමස්ත සාමාජිකයන් ගණන 82කි.
ඒ අනුව පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් අතරින් විරුද්ධ වී ඇත්තේ පැමිණ සිටි සාමාජිකයන්ගෙන් 11 දෙනෙකු පමණි.
තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහාය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට විරුද්ධ වී ඇත්තේ 06 දෙනෙක් පමණි.
ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart