
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය අඟහරුවාදා පැවති බාලි අන්තර්ජාතික ගායන උළෙලේදී ශ්‍රී ලාංකික සිසුන් රන් සහ රිදී පදක්කම් දිනාගෙන තිබේ.
Nadine’s සංගීත ඇකඩමියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් සිව්දෙනකු රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කම් 2ක් දිනාගෙන ඇත.
මෙම සිසුන් සිව්දෙනා අධ්‍යක්ෂණය කර පුහුණු කර ඇත්තේ, ලන්ඩන් සංගීත විද්‍යාලයේ සහකාරිය වන නදීන් සමරසිංහ පත්මරාජ් විසිනි.
කොළඹ ආසියානු අන්තර්ජාතික පාසලේ Kaeyara Adela Zufer (8) ළමා අංශයේ රන් පදක්කමක් දිනාගත් අතර කොළඹ 07, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ රියනා අමරනි කරුණාරත්න (13) යොවුන් අංශයේ රන් පදක්කම දිනාගෙන ඇත.
මේ අතර, කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ සීනාත් ඛදීජා ඩනිෂ් (12) ළමා අංශයෙන් රිදී පදක්කමක් දිනාගෙන ඇති අතර, ආසියානු අන්තර්ජාතික පාසලේ කීල් ෂියා තුරින් (13) ද ළමා අංශයෙන් රිදී පදක්කමක් දිනාගෙන තිබේ.
Nadine’s Academy of music Sri Lanka යනු පසුගිය වසර 10 පුරාවට සංගීත අධ්‍යාපනය ලබාදෙමින් සිටින රටේ සුප්‍රසිද්ධ කීර්තිමත් සංගීත පාසලකි.
රටවල් කිහිපයක සහභාගිවන්නෝ උත්සවයට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart