
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය දරන හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් සතු කොටස් මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් 9 දෙනෙක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
වාර්තා වන පරිදි ඒ අතරින් ආයතනයක් අවසන් අදියර සඳහා යෝජනා ද ඉදිරිපත් කර ඇත.
මුල් ලංසුකරුවන් 9දෙනාගෙන් පූර්ව සුදුසුකම්ලත් ලත් ලංසුකරුවන් 4දෙනෙකු තෝරාගෙන ඇති අතර, පසුව ඔවුන්ගෙන් මූල්‍ය යෝජනා කැඳවා තිබේ.
එහිදී තවත් ලංසුකරුවන් දෙදෙනෙකු එම ක්‍රියාවලියෙන් ඉවත්ව ඇත.
එම යෝජනා කැඳවීම ඉකුත් ජූලි 10වැනිදා අවසන් වූ අතර, ඒ වන විට පූර්ව සුදුසුකම්ලත් ලංසුකරුවන් දෙදෙනාගෙන් එක් ආයතනයක් පමණක් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එලෙස යෝජනාව ඉදිරිපත් කර ඇති ආයතනය වන්නේ මෙල්වා හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයයි.
ඒ පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් පසු ඇමැති මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart