July 16, 2024

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘වෘත්තීය සමිති’ පිළිකාවකට සමාන කර ඇත්තේ, ආයතනික ඒකාග්‍රතාවය ඛාදනයට දායක වන බව ප්‍රකාශ කරමිනි.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් සංවිධානය කරන ලද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා දැනුම හා ආකල්ප වර්ධනය කිරීමේ දෙදින වැඩමුළුවේදී පොලිස් ප්‍රධානියා මේ බව පවසා ඇත.

මියගිය සංවිධානාත්මක අපරාධකරුවකුගේ නම සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිස්පති තෙන්නකෝන් එහිදී අවධානය යොමුකර තිබේ.

මියගිය අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උත්කර්ෂයට නැංවීමට වගකිවයුත්තන් අනාවරණය කර ගැනීමේ අරමුණින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස තමන්පොලිසියේ බුද්ධි අංශයට නියෝග කළ බව ඔහු සඳහන් කර තිබේ.

අපරාධ කණ්ඩායම් අතර ඇති භයානක ගැටුම් සම්බන්ධයෙන් තෙන්නකෝන් දැඩි අවවාදයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ, එවැනි ක්‍රියාවලට ඉඩ නොදෙන බවයි. (News 1st)