
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැංකු පද්ධතිය ආරක්‍ෂා කර නොගතහොත් ශ්‍රී ලංකාවට ආර්ථිකය ආරක්‍ෂා කළ නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බැංකු ක්‍රමය කඩාවැටීම ආර්ථික කඩාවැටීමකට තුඩු දෙන බවයි.
“අපි දැන් ඉන්න තැන ඉඳන් ඉදිරියට යා යුතුයි. මෙහි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නේ බැංකු පද්ධතිය. අපි අරමුදල් සුරක්ෂිත කරන්නේ කොහොමද ? බැංකුවල දියුණුවට විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි,” යනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී බැංකුකරුවන්ගේ සංසදයකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.
ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් සංවිධාන කරන ලද මෙම අවස්ථාවට බැංකු ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයන් සහභාගී වී තිබිණි.
ශ්‍රී ලංකාව තවමත් සිය ඉලක්කය සපුරා ගෙන නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වසර හතරක කාලයක් තුළ ණය ආපසු ගෙවීම ඩොලර් බිලියන 8කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බව ද ඔහු පැවසීය.
“ඇමරිකානු ඩොලර් බිලියන 8ක ණය සහන සමඟ, අපට දැන් නව ආර්ථිකයක් හඹා යෑමට නිදහස තිබෙනවා. අපනයනය මූලික කරගත් ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීතිමය රාමුව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.ප්‍රගතිය එක රැයකින් සිදු වෙන්නේ නැහැ.” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පවසන්නේ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ඉදිරියට ගොස් ඇති නමුත් තව බොහෝ දුර යා යුතුව තිබෙන බවයි.
ඇතැමුන් යෝජනා කරන පරිදි මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා ලොව පුරා සංචාරය කිරීමට තමා සූදානම් නැති බව ද වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසීය.
“මමවත් සිංහල ජාතියවත් හිඟන්නන් නොවන බව මම තරයේ ප්‍රකාශ කර තිබෙනවා. එසේ තිබියදීත්, සමහරු තවමත් වෙනසක් වෙනුවෙන් බලන් ඉන්නවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව කැඩී බිඳී ගිය ආර්ථික ක්‍රමය පිළිසකර කර ප්‍රගතියක් ලබා ඇතත් බිඳ වැටුණු දේශපාලන ක්‍රමය තවමත් විසඳී නොමැති බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart