
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය ප්රමුඛ කණ්ඩායමක් විසින් කොළඹ කොටුවේ ඊයේ සංවිධානය කර තිබූ විරෝධතාවකට එක්වන්නට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකරට, එහි රැස්ව සිටි පිරිසගෙන් විරෝධයක් එල්ල විය.
මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපොළ විකිණීමට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ (3) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විණි.
“දේශීය කිරි කර්මාන්තය අමුල් සමාගමට බිලිදීම වහා නවත්වනු, දේශීය කිරි කර්මාන්තය ගොඩනැගීමේ වැඩපිළිවෙළක් වහා ක්රියාත්මක කරනු, දූෂිත රනිල් – රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ සැලසුම් පරදමු, අක්කර තිස්දහසක් අමුල් සමාගමට විකුණන රනිල් – රාජපක්ෂ දූෂිත ආණ්ඩුවේ සැලසුම් පරදවමු” ආදී විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාකරුවන් කොළඹ ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණීමට සැලසුම් කර තිබුණත් අධිකරණ නියෝග මත එම පා ගමන අවලංගු කෙරිණ.
විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ඉදිරිපිට එක මන්තීරුවක ගමනාගමනයටද බාධා එල්ල විය.
විරෝධතාවට පොලිසිය, ජල ප්රහාරක රථ ආදිය කැඳවා තිබිණ.
විරෝධතාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ද ඊට එක්වූ අතර විරෝධතාකරුවන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.
ජාතික පශු සම්පත් මණ්ඩලය සුරැකීමේ සංවිධානය, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු සංවිධාන එක්ව මෙම විරෝධතාව කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart