
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති දැරියක බව සදහන් වේ.
පොසොන් පොහොය නිමිත්තෙන් පානදුර ප්‍රදේශයේ බත් දන්සලක් පවත්වා ඇති අතර , පසුගිය 23 දින දැරිය සිය මව සමග එහි රැදී සිටීයදී දැරිය කරවල හොදි කල්දේරමට වැටී ඇති බව පැවසේ.
බරපතල තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්වය බරපතල බැවින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලට මාරුකර යවා සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart