
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එබැවින් ඔහු පක්ෂය සම්බන්ධයෙන් කරන ප්‍රකාශවල කිසිදු වැදගත්කමක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා සහ අගමැති ලෙස නාමල් රාජපක්ෂ නම් කරන බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් කාරියවසම්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත්, උදයංග වීරතුංග සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වීම කාරියවසම් ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව යළිත් අවධාරණය කරන අතරම, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නේ නම් ඔහුට සහාය දැක්වීම පිළිබඳව සළකා බලන බව සාගර කාරියවසම් පැවැසීය.
සිය ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන බව මෙතෙක් තීරණය කර නැති බවත්, පක්ෂය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් ඔහු අවධාරණය කළේය.
“අපේක්‍ෂකයා පිළිබඳ තීරණය සුදුසු අවස්ථාවේදී තීරණය කරනවා,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart