
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය සඳහා පත්කර සිටි හිටපු නියෝජිතයකු සහ චීනය පිළිබඳ විශේෂඥයකු වන ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක වික්‍රම් මිස්රි ඉන්දියාවේ මීළඟ විදේශ ලේකම් ලෙස පත් කර තිබේ.
ඊට අදාළ නිල නිවේදනය ඊයේ නිකුත් කර තිබිණි.
ඇමැති මණ්ඩලයේ පත්වීම් කමිටුවේ එම නිවේදනයට අනුව, අගමැතිවරුන් තිදෙනෙකුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද සේවය කර ඇති ඉන්දීය විදේශ සේවයේ 1989 කණ්ඩායමේ නිලධාරියකු වන මිස්රි ජූලි 15 වැනිදා සිය නව තනතුර භාරගනු ඇත.
ඔහු 2022 ජනවාරි මාසයේදී ජාතික ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ විය.
පසුගිය අප්‍රේල් මාසයේදී මාස හයක සේවා දිගුවක් ලබා දුන් ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා වෙනුවට මිස්රි පත් කරනු ඇත.
ඒ අනුව ක්වාත්රාගේ සේවා දිගුව දැන් ජූලි 14 දක්වා පමණක් වලංගු වන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
විනේ ක්වාත්‍රා එක්සත් ජනපදයේ මීළඟ ඉන්දීය තානාපතිවරයා ලෙස නම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart