
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ සැන් ඩියාගෝ සත්වෝද්‍යානය ඉතා ඉක්මණින් චීනයේ සිට ගෙන එන යෝධ පැන්ඩාවන් දෙදෙනකු වෙත නිවහනක් වනු ඇතැයි වාර්තා වේ.
දශක දෙකකට වැඩි කාලයකට පසු අමෙරිකාවට පැන්ඩා සතුන් රැගෙන එන පළමු අවස්ථාව මෙය වන බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
යුන් චුවාන් සහ ෂින් බාඕ නමැති යෝද පැන්ඩාවන් දෙදෙනා ඉකුත් බදාදා දින සිචුවාන් පළාතේ යෝධ පැන්ඩාවන් සඳහා වූ චීන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකදී චීනයට සමුදී තිබේ.
අනතුරුව එම සතුන් අමෙරිකාව වෙත පියාසර කිරීමට නියමිතව තිබූ බව San Diego සත්වෝද්‍යානය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
San Diego Zoo Wildlife Alliance හි සභාපති සහ ප්‍රධාන විධායක පෝල් බැරිබෝල්ට් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ තම සංවිධානය සහ චීන වනජීවී සංරක්ෂණ සංගමය අතර සහයෝගීතාවක් “යෝධ පැන්ඩා සංරක්ෂණය ඉදිරියට ගෙනයෑම සඳහා උපක්‍රමශීලී වූ” බවයි.
“මෙම සංකේතාත්මක විශේෂයේ පැවැත්ම සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා අපගේ වැඩකටයුතු දිගටම කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් බැරිබෝල්ට් පැවසීය.
වයස අවුරුදු 4 හැවිරිදි පිරිමි පැන්ඩාවකු වන යුන් චුවාන් සහ අවුරුදු 3 ක ගැහැණු සතෙකු වන ෂින් බාඕ සැන් ඩියාගෝ වෙත පැමිණෙන්නේ කවදාද යන්න නිශ්චිතවම වාර්තා වී නැත.
එම පැන්ඩාවන් අමුත්තන් සඳහා නැරඹීමට අවස්ථාව ලබාදීමට පෙර ඔවුන්ගේ නව නිවසට හුරුවීමට සති කිහිපයක් අවශ්‍ය වනු ඇතැයි සත්වෝද්‍යානය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart