
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී නීති විරෝධී ලෙස ඉවත් කිරීමට එරෙහිව පවරා තිබූ නඩුවෙන් හිරු රූපවාහිනිය පරාජය වී තිබේ.
ප්රවෘත්ති සංස්කාරක තනතුරින් අනීතිකව ඉවත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රිට රුපියල් ලක්ෂ 135ක වන්දියක් ගෙවන ලෙස ද හිරු රූපවාහිනිය අයත් Asia Broadcasting Corporation (pvt) ltd ආයතනයට නියෝග කර ඇත.
හිරු ටීවී ප්රවෘත්ති අංශයේ වසර 08ක කාලයක් සේවය කළ ජනමාධ්‍යවේදී නිරෝෂ් මෛත්රිගේ සේවය අවසන් කිරීමේදී එම ආයතනය නගා තිබූ චෝදනා කිසිවක් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට එම ආයතනය අසමත්වූ බව අධිකරණය නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබේ.
එමෙන්ම ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා ආයතනයේ පාලනාධිකාරිය විසින් කිසිදු පදනමකින් තොරව හිතලුවක් ලෙසින් නගා ඇති බවත් ඒ අනුව වගඋත්තරකාර Asia Broadcasting Corporation සමාගම මගින් ජනමාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රිට සිදුවූ අසාධාරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 135ක මුදලක් ගෙවිය යුතු බවත් නියෝග කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සදහන් කළේ එළැඹෙන අගෝස්තු මස 02 වැනිදා දක්වා අභියාචනා කිරීමේ කාලයක් වගඋත්තරකාර පාර්ශ්වයට හිමිවන අතර ඒ දක්වා අදාළ වන්දි මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart