
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවන්ට අනුව සිය චීන සංචාරය අතරතුර ඔහු චීන රජයේ ප්‍රධානීන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
චීනයේ විදේශ ඇමැති වැන්ග් යීගේ ආරාධනයකට අනුව මහින්ද රාජපක්ෂ අද උදෑසන චීනය බලා පිටත්ව ගොස් ඇති අතර ගමන ජූලි 01 වැනිදා නැවත පැමිණීමට නියමිතය.
චීන ජනාධිපති ෂී ජින්පින් සහ පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ තවත් ප්‍රමුඛතම සාමාජිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් බීජිං නුවර පැවැත්වෙන සාමකාමී සහජීවනයේ මූලධර්ම පහේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරන සමරු උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ සිය චීන සංචාරයේදී සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
ඔහු චීන අගමැති ලී ක්වෑන්ග් සහ විදේශ ඇමැති වැන්ග් යී සමඟ ද්විපාර්ශවීය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර සහ ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාදෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමුකරමින් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම සඳහා චීනය සහ චීනයේ එක්සිම් බැංකුව ලබා දුන් සහාය පිළිබඳව ද මහින්ද රාජපක්ෂ සිය කෘතඥතාව පළකිරීමට නියමිත බවද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart