
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩ්‍රෝන යානයකට සමාන උපකරණයක් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයට එවූ බව කියන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය පොලිසියේ ආරංචි මාර්ග සනදහන් කළේ එම ඉන්දීය ජාතිකයන් දෙදෙනා 24 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ උපකරණය ඩ්‍රෝන යානයක් නොව අධෝරක්ත කිරණ සහිත පියාසර කරන බෝලයක් වැනි සෙල්ලම් බඩුවක් බව ද වාර්තා වේ.
වාර්තා වන පරිදි එමගින් කිසිදු හානියක් හඳුනාගෙන නොමැත.
එම උපකරණ හුදෙක් සෙල්ලම් බඩුවක් පමණක් බව පොලිසිය ද අවධාරණය කර තිබේ.
කෙසේවෙතත්, පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බැවින් ඉන්දීය ජාතිකයන් දෙදෙනා තවදුරටත් පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් වැරදි ලෙස අර්ථකථනය කර ඇති අතර බොහෝ දෙනා එය සැළකිව යුතු ආරක්‍ෂක ගැටලුවක් ලෙස හුවා දක්වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේවෙතත් සිද්ධිය පිළිබඳ පොලිසිය තවදුරටත් විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart