
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිත්තර නිෂ්පාදනයේ නොයෙදෙන ව්‍යාපාරිකයකු බිත්තර එකතු කර ගබඩා කර තොග වශයෙන් වැඩි මිලකට අලෙවි කිරීමෙන් ලබාගත් ආදායමෙන් හෙලිකොප්ටරයක් මිලදී ගැනීමේ පුවතක් වාර්තා වේ.
බිත්තර සඳහා මිල පාලනයක් ඍජුව බලනොපවත්වන වාතාවරණයක අද වෙළෙඳපොළේ බිත්තරයක් විවිධ මිල ගණන්වලට අලෙවි කරන අතර මේ වන විට රුපියල් 47 සිට රුපියල් 52 දක්වා විවිධ මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරේ.
සුපිරි වෙළෙඳසල්වල පැකට් කරන ලද බිත්තරයක අලෙවි මිල රුපියල් 60-65ත් අතර වේ.
බිත්තර මිල ඉහළ යෑම හා ක්‍රමවත් මිල පාලනයක් නොමැති වීම ගැන පසුගිය 25 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වී ඇත්තේ කුකුළු ආහාර වියදමද ඇතුළුව බිත්තරයක් නිෂ්පාදනය කිරීමට වැය වන මුදල රුපියල් 31ක් බවයි.
බිත්තර තොග වශයෙන් ගබඩා කරගෙන පසුව වැඩි මිලකට විකුණන ව්‍යාපාරිකයකු හෙලිකොප්ටරයක් මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ මේ සාකච්ඡාවේදීය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart