
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් අද ඉවත්වූහ.
පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීය.
පෙත්සම විමසා බැලීමේ කටයුතුවලින් ඉවත්වූයේ කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් දෙදෙනායි.
ඒ අනුව අදාළ පෙත්සම සළකා බැලීම සදහා අගෝස්තු මස 5 කැඳවීමට නියම කෙරිණි.
වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මෙම පෙත්සම ගොනුකර තිබේ.
පෙත්සම්කරු සිය පෙත්සම මඟින් හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ යන අය මෙරට පාර්ලිමේන්තුවේ අසුනක් දැරීමට සුදුසුකමක් නොමැති බවට ඉකුත් 08 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් බවත්, ඉන් පසුව ඉකුත් 09 වැනිදා ඇය විසින් පැවැත් වූ ජනමාධ්‍ය හමුවකදී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ ප්‍රකාශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට ප්‍රකාශ කර ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා පෙනීසිටියේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart