
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ ආදර්ශ උද්‍යාන නේපාලයේද පිහිටුවීමට එරට පළාත් පාලන නියෝජිතයන් තීරණය කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ ඉඩම් සහ පරිසර කළමනාකරණ අංශ නියෝජ්‍ය අධ්යක්ෂ ඉරේෂා සිල්වා ‘මව්බිම’ට පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් කිහිපදෙනකු සහ නේපාලයේ නගරාධිපතිනිවරුන් හතරක් ඇතුළු කාන්තා නිලධාර්න් අටදෙනකු විහාර මහාදේවි උද්‍යානය නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු මෙම තීරණයට ඔවුන් එළැඹී ඇතැයි ඇය සඳහන් කර තිබේ.
කාන්තාවන්ට හා ළමයන්ට ඕනෑම වෙලාවක උද්‍යානයන් තුළ නිදහසේ රැඳී සිටීමට අවස්ථාව තිබේදැයි ඔවුන් නිරීක්ෂණය කර ඇති බවත්, ජනාකීර්ණ නගරයක් වූ කොළඹ නගරයේ විහාර මහා දේවි උද්‍යානය ඒ සඳහා සුදුසුම ස්ථානය බවත් ඔවුන් පැවැසීයැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසා ඇත.
සිල්වා මහත්මිය වැඩිදුරටත් පැවැසුවා.
ඉපැරණි වෘක්ෂ පැවතීම, හරිත වර්ණ පැහැය, නිදහසේ ඕනෑම කෙනකුට පැමිණීමට හැකි පහසුකම් පැවතීම, ඇතුළුවීම නොමිලේ පැවතීම, වටකර නොතිබීම යන කරුණු ඔවුන්ගේ පැසසුමට ලක් වූ බව ද නියෝජ්‍ය අධ්යක්ෂවර්ය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව එරට උද්‍යාන සැකසීමේදී ද කොළඹ විහාර මහාදේවි උද්‍යානය ආදර්ශයක් කොට ගන්නා බව ඔවුන් ප්‍රකාශ කළ බව ඇය සඳහන්
කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart