
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වූ වෙනත් කිසිදු විනිසුරු තනතුරක් පිරවීමෙන් ජනාධිපතිවරයා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මැදිහත් පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීම සම්බන්ධයෙන් පවතින අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ, ආචාර්ය මහිම් මෙන්ඩිස් සහ පුජ්‍ය දඹර අමිල හිමියන් විසිනි.
2024 අප්‍රේල් 30 වැනි දින, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, පුරප්පාඩු වූ අගවිනිසුරු තනතුර හැර වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා ජනාධිපතිවරයාට වෙනත් නාමයෝජනා ඉදිරිපත් කිරීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.
නීතීඥයකු විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කර ඇත.
අභියාචනාධිකරණයේ වත්මන් සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කර ඇති නිර්දේශය අනුමත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝග කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර පාර්ශවය මෙම පෙත්සම ගොනුකළේ වෘත්තියෙන් නීතීඥ සරිත් මහීපුත්‍ර පතිරත්න විසිනි.
එලෙස අතුරු නියෝගයක් නිකුත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, රාජ්‍යයේ කුළුණු තුනේ (ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය) සුමටව ක්‍රියාත්මක වීම සහතික කරන සංවරණ සහ තුලන ක්‍රියාවලිය අනතුරට පත් විය හැකි බව ඊට මැදිහත් වූ පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා වැදගත් බලයක් සහ වගකීමක් දරන ජනාධිපතිවරයාට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීම පැවරී ඇති බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාව ගැන සඳහන් කරමින් මැදිහත්කාර-පෙත්සම්කරුවන් ප්‍රකාශ කරන්නේ, එවැනි ප්‍රකාශයක් අධිකරණයේ ස්වාධීනත්වය දැඩි ලෙස හෑල්ලූවට ලක්කරන බවත් සමස්ත අධිකරණ පද්ධතියම දැඩි අපකීර්තියට පත්කරන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart