
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අතර හමුවක් අගනුවර හයිද්‍රාබාද් මන්දිරයේදී පැවැත්වුණි.
ඒ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ඉන්දීය සංචාරයට සමගාමිවයි.
රාජ්‍ය සංචාරයක් වන එය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ ආරාධනයකට අනුව සිදුව තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ අග්‍රාමාත්‍යවරයා, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් බවයි.
2019 සිට මේ දක්වා අවස්ථා 10 කදී නරේන්ද්‍ර මෝදි සහ ෂෙයික් හසීනා අතර ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
නරේන්ද්‍ර මෝදි තෙවන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ඔහුගේ ආරාධනයෙන් රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි පළමු විදෙස් රාජ්‍ය නායකයා ෂෙයික් හසීනා යි.
එමෙන්ම ඇයගේ සංචාරයට සමගාමීව ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart