
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂීක් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ එමීර් සංචාරයට සමගාමීවයි.
එහිදී විදේශ අමාත්‍යවරුන් දෙපළ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ එක්සත් අරාබි එමීරයේ විදේශ අමාත්‍යවරයා හමුවීම සතුටක් බවයි.
එමෙන්ම දෙරට අතර දිනෙන් දින වර්ධනය වන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ ඵලදායී හා ගැඹුරු සංවාද සහ කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳ එමීරයේ විදේශ අමාත්‍යවරයාගේ තීක්ෂ්ණ බුද්ධිය අගය කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහන් කර තිබේ.
2015 අගෝස්තු 16-17 දිනවල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයේදී ඉන්දියාව-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ආරම්භ කරන ලදී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත එස් ජයශංකර් අබුඩාබියේ පැවති 10 වැනි ජාත්‍යන්තර යෝගා දින සැමරුම් උත්සවයට සහභාගී විය.
ජයිශංකර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දීය තානාපති සන්ජේ සුධීර් සමඟින් අබුඩාබි ලූවර් හිදී යෝග දින සැමරුම් උත්සවයට නායකත්වය දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart