
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට මුහුදු සීමාවේ සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පළවා හැරීමේ විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයකු මියගොස් තිබේ.
යාපනයේ කන්කසන්තුරයට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී අද අලුයම මෙම මෙහෙයුම දියත්කර තිබිණි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී එම ධීවරයන් දැක්වූ ආක්‍රමණශීලී ක්‍රියාවන් හමුවේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයා බරපතළ ලෙස තුවාල ලබා ඇත.
තුවාල ලැබූ නාවිකයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙරට මුහුදේ මසුන් මරණ ඉන්දීය ධීවර යාත්‍රා පොකුරක් පළවා හැරීම සඳහා කන්කසන්තුරයට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු තීරයට උතුරු නාවික විධානය විසින් සිය වේග ප්‍රහාරක යාත්‍රාව යොදවා තිබිණි.
මෙම මෙහෙයුම්වලදී, නාවික හමුදාවට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවලින් එල්ලවන විවිධ බලපෑම්වලට සහ අනතුරුවලට නිතර මුහුණ දීමට සිදු වන අතර, එමඟින් නාවිකයන්ට තුවාල සහ නාවික හමුදාවේ නැව් සහ යාත්‍රාවලට හානි සිදුවන අවස්ථා තිබේ.
අද පැවති මෙහෙයුමේදී එවැනි අවස්ථාවකට මුහුණ දුන් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයා බරපතළ තුවාල ලබා ඛේදජනක ලෙස මියගොස් ඇත.
ඔහු වේග ප්‍රහාරක යාත්‍රාවෙන් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවට ගොඩවෙමින් සිටියදී මෙම අනතුර සිදුවී මාරාන්තික තුවාල ලබා තිබේ.
මේ අතර, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව ආක්‍රමණශීලීව ගැටීම හේතුවෙන් නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවට ද සැළකිව යුතු හානියක් සිදු විය.
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාව ඉන්දීය ධීවරයන් සමඟ කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක වෙත භාර දීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart