
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය Gloucestershire හි ඇගේ වතුයායේදී සුළු තුවාල සහ කම්පනයකට ලක්වීමෙන් පසු රෝහල්ගත කර ඇති බව බකිංහැම් මාලිගය පවසයි.
73 හැවිරිදි ඈන් කුමරිය ඇගේ ගැට්කොම්බ් පාර්ක් වතුයායේ සිදු වූ සිදුවීමකින් පසු ප්‍රතිකාර ලබමින් සිටින බව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඇය බ්‍රිස්ටල් හි සවුත්මීඩ් රෝහලේ රැඳී සිටින බව පැවැසේ.
තුවාලයට හේතුව තහවුරු කර නැති නමුත් අශ්වයෙකුගේ හිසෙන් හෝ පාදවලින් ඇති විය හැකි බලපෑමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන BBC වාර්තාව සඳහන් කරයි.
ඇය අශ්වයන් කෙරෙහි ඇති උනන්දුව සහ අශ්වාරෝහක ක්‍රීඩාවේ ජයග්‍රහණ සඳහා ප්‍රසිද්ධය.
රාජකීය කුමරිය මේ සතිය අවසානයේ කැනඩාවේ සංචාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුව තිබේ.
කැනේඩියානු ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ ඇය නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි යුද ස්මාරකයක උත්සවයකට සහභාගී වීමට නියමිත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart