
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා තේරී පත්වන සෑම මන්ත්‍රීවරයකුම, එම පක්ෂය හැරයන්නේ නම්, එම තැනැත්තාගේ මන්ත්‍රීධුර අහෝසි වන ලෙසට පක්ෂ ව්‍යවස්ථාව සංශෝදනය කිරීමට තීරණය කර ඇත.
අද එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මීට අමතරව පොදුජන පෙරමුණේ මහලේකම් තනතුරේ කටයුතු කරනු ලබන තැනැත්තා යම් අසනීප තත්වයක් හෝ හදිසි විදේශගතවීමක් සිදුවුවහොත් එම තනතුරෙැ් වැඩබැලීම සදහා පත්කරනු ලබන පුද්ගලයා පක්ෂයේ නායකත්වය විසින් පමණක් පත්කිරීමටද යෝජනා කෙරී ඇත.
එසේම පක්ෂයට නව තනතුරක් එක් කරමින් පසුගියදා පත්කරනු ලැබු ජාතික කැදවුම්කරු තනතුර සම්බන්ධව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම තනතුර සදහා පුද්ගලයකු පත්කිරීමේ පුර්ණ බලය පක්ෂයේ නායකත්වයට පැවරීමට තීරණය කර තිබේ.
මෙහිදී අදහස් ලක්වමින් රෝහිත අබේගුනවර්ධන සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්, පක්ෂයේ සිටිමින් රාජපක්වරුන් විවේචනය කරනු ලබන පුද්ගලයන් පිළිබදව දැඩි පිළිකුලින් යුතුව අදහස් දක්වා ඇති බවට තොරතුරු අනාවරණය වේ.
පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලන්සා පුමුඛ කණ්ඩායම විසින් නව සන්ධානයක් පිහිටුවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම පිළිබදව මෙහි දී අදහස් හුවමාරුවී ඇති අතර, ජනාධිපතිවරයා එම කණ්ඩායම සමග එක්ව කටයුතු කරන්නේ නම්, එම පාර්ශවය හෝ පොදුජන පෙරමුණ තෝරාගැනීමට ඔවුන්ට සිදුවන බව ද මෙහි දී කතාබහට ලක්ව තිබේ.
මෙම රැස්වීමේදී, හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ සහ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අදහස් දැක්වීමක් සිදුකර නොමැති අතර, පක්ෂයේ ජාතික කැදවුම්කරු ඇමැති රෝහිත අබේගුනවර්ධන, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ මහලේකම් සාගර කාරියවම් යන අය පමණක් අදහස් දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart