
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිකිරීමට යෝජිත ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියට කතෝලික සභාව විරුද්ධත්වය පළකර තිබේ.
ඔවුන් අනතුරු අඟවා ඇත්තේ එමගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වයට අනතුරක් වියහැකි බවටයි.
රුවන්වැල්ලේ දී පසුගිය සිකුරාදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියා සිටියේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාව තමිල්නාඩුවේ කොටසක් බවට පත් වනු ඇති බවයි.
“වරින් වර දකුණු ඉන්දියාවෙන් ආපු ආක්‍රමණිකයන් අපේ සමහර ප්‍රදේශ අල්ලාගෙන පාලනය කිරීමට පැමිණි අවස්ථා අපේ ඉතිහාසය ඕනෑ තරම් තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම ඔවුන්ගෙන් එම ප්‍රදේශ නිදහස් කර ගැනීමට හමුදා බලමුළු ගැන්වීමට සිංහල රජවරුන්ට සිදු වුණා. දැන් බලයේ සිටින රජය තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකරන්න යෝජනා කරනවා. මෙය නිසැකවම අවසන් වන්නේ මේ රට තමිල්නාඩුවේ කොටසක් වෙලයි, ” යනුවෙන් කාදිනල් හිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් අවසන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සඳහන් කර තිබිණි.
ඒ, ආචාර්ය ෆිඩෙලිස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු රදගුරුතුමන් ජුනි 16 වැනි දින මන්නාරම රදගුරු මන්දිරයේ දී හමු වූ අවස්ථාවේදීය.
එසේම ඔහු සඳහන් කළේ නුදුරු අනාගතයේ දී සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන බවයි.
කාදිනල් හිමිපාණන්ගේ මෙම විවේචනය පැමිණෙන්නේ ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය කිරීමෙන් දින කිහිපයකට පසුවය.
“මේ පාලම අවශ්‍ය කාටද? එම අදහස ඉදිරිපත් වී ඇත්තේ පිටින් මිසක් ලංකාවේ අයගෙන් ආපු එකක් නොවන බව පැහැදිලියි. පිටතින් එන සියලුම නියෝග අපට හොඳද නරකද කියා නොසිතා ක්‍රියාත්මක කිරීමට මේ රජය කටයුතු කරනවා. අපට ප්‍රයෝජනවත් නොවන දේ සිදු නොකිරීමට වගබලා ගත යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ දැනට තියෙන තත්ත්වයට වඩා දරුණු අර්බුදයකට අපි මුහුණ දීමයි. අපගේ ස්වාධිපත්‍යයට සහ ස්වාධීනත්වයට හානියක් වන කිසිම දෙයක් නොකළ යුතුයි” යනුවෙන් ද කාදිනල් හිමියෝ පැවසූහ.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ 2023 ජුලි මාසයේදී රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සිදුකළ සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී දෙරට අතර ගොඩබිම් පාලමක් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කළ බවයි.
අසල්වැසි රටවල් දෙක අතර වසර දහස් ගණනක් පැරණි සබඳතාව ශක්තිමත් කිරීම එහි අරමුණ බව පැවසිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart