
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිරිය හා බිරියගේ පළමු විවාහයේ දියණිය විසින් එල්ලකළ ඇසිඩ් ප්රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයකු කෑගල්ල මහ රෝහලට පෙරේදා 18 පෙරවරුවේ ඇතුළු කර ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 05 වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින්නේ අංක 3සී මල්වාන කොටස, ගැටියමුල්ල බුලත්කොහුපිටිය ලිපිනයේ පදිංචිව සිටින 59 හැවිරිදි පුද්ගලයෙකි.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන තුවාලකරු පළමු විවාහයෙන් වෙන් වී යළි දෙවැනි වතාවට උදුගොඩ 10 කණුව ප්රදේශයේ විවාහ පහක් සිදුකර ගත් කාන්තාවක සමඟ දෙවැනි වරට විවාහ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
දෙවැනි බිරිය සමඟ මෙම පුද්ගලයා ජීවත්ව ඇත්තේ මල්වාන කොටසේ ඇති ඔහුට අයත් නිවසකය. ඔවුන්ට පිරිමි දරුවකුද සිටින බව පොලිසිය පවසයි.
දෙවැනි විවහාක බිරිය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට ලද තොරතුරකට අනුව මීට දින කිහිපයකට ඉහතදී ඒ බව මෙම පුද්ගලයා බිරියගෙන් විමසා ඇති බව පොලිසිය කියයි.
එහිදී දෙදෙනා අතර ඇතිවූයේ යැයි කියන බහින්බස් වීමකින් පසුව දෙවැනි විවහාක බිරිය ඇගේ පළමු විවාහයේ දියණිය සමඟ එක්ව පෙරේදා (18) ඇසිඩ් ප්රහාරය එල්ලකර ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ඇසිඩ් ප්රහාරයෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයාව අසල්වැසියන් විසින් කබගමුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුරටත් ප්රතිකාර සඳහා ගිලන් රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
තුවාලකරුගේ මුහුණ කොන්ද පාද දෙකේ පිළිස්සුම් තුවාලවලට ප්රතිකාර කර ඇති බවත් පොලිසිය කියයි.
දෙවැනි විවාහක බිරිඳ සහ ඇගේ දියණිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart